මා නොදුටු සිහින - Ma Nodutu Sihina - 17
This chapter develops beautifully with the expressive storytelling tone of Sinhala Sex Katha, adding emotional depth and vivid scene-building.
2025-11-19 20:30:02 - Wal Katha
Best Wal Katha - Sex Katha 2025
This chapter develops beautifully with the expressive storytelling tone of Sinhala Sex Katha, adding emotional depth and vivid scene-building.
කවීශ සිටියේ මිදුලේ ගහක අත්තක ගැටගසා ලණුවක එල්ලා ඇති බෝලයකට ක්‍රිකට් පිත්තෙන් පහර දෙමින් ක්‍රිකට් පුහුණුවීමක් අතරතුරය. මෙනුදි නිවසේ තිබූ සිරිකත පත්තරයක් කියවමින් සිටියාය. මව සහ පියා පැමිණි බව දුටුවිට කවීශ ඔවුන් වෙත පැමිණි අතර විදර්ශා ඇයගේ මවට ශාරන්‍යාව හඳුන්වා දුන්නාය.
"ඔයාලා දෙන්නට නම් මතකනේද ශාරු ආන්ටිව"
"ආන්ටි නෙවෙයි අක්කා කියන්න පුතේ" යනුවෙන් ශාරන්‍යා සිනහසෙමින් කීවාය.
"ආ අම්මි මට නම් මතකයි. මම ශාරන්‍යා ආන්ටි හිටිය ෆිල්ම් එකත් බැලුවනේ"
"ආ ඒකනේ. ඇයි ඔයාට මතක නැද්ද දැන් මාසෙකට වගේ කලින් ආන්ටි අපේ ගෙදර ආවා"
"ආ මට මතකයි අම්මි" යනුවෙන් කවීශ පැවසුවේය.
"ඇත්තටම ආන්ටි නම් හරීම ලස්සනයි" යනුවෙන් මෙනුදි පැවසුවේ විදර්ශා ඔවුන් දෙදෙනාට ශාරන්‍යා ඉදිරියේ එලෙස හැසිරෙන්න යැයි පෙර කිවූ නිසාත් ඇය සැබෑවටම ලස්සන නිසාත් ඒ සැබෑවත් මවාපෑමත් අතරේ වූ සිදුරු හරහා සැරිසරමිනි.
ඔවුන් ටික වේලාවක් සුහද කතාබහක යෙදී සිටි අතර විදර්ශාගේ මව ඔවුන්ට තේ පානය කිරීමට ආරාධනා කළ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කලේ එම අවශ්‍යතාවය සැබෑවටම ඔවුන්ට නොතිබූ නිසාය. එසේ නම් රෑබෝවීගෙන එන නිසා රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව හෝ රාත්‍රී ආහාරය එහිදී සකස් කර රැගෙන යාමට හෝ එය සූදානම් කරන ලෙස විදර්ශාගේ මව ඇග්නස්ට පවසා සිටියාය. විදර්ශාගේ මවගේ තනියට නිවසේ සිටියේ අවුරුදු පහක් තිස්සේ නිවසේ සේවිකාව වූ ඇග්නස් ය. ඉන් අනතුරුව කාන්තාවෝ සියල්ලම ගොස් රාත්‍රී ආහාරය පිළියෙළ කල අතර ඔවුන් රාත්‍රී ආහාරත් රැගෙන නිවසට පැමිණියේ ටික වේලාවක් දියත උයනේත් සුන්දරත්වය නරඹමින් කාලය ගත කිරීමෙන් අනතුරුවය. නමුත් ඔවුන්ට ඒ වේලාවේදී බෝට්ටු පැදීමට නොහැකිවිය.
ඔවුන් පැමිණෙන අතරතුර විදර්ශාට දුරකතන ඇමතුමක් ලැබුණු අතර ශාර්න්‍යාට වාදීශ සමඟ දින කිහිපයකට පෙර ඔවුන් ගතකෙරූ දිනයක් සිහිවන්නට විය. එදින රාත්‍රියේ ශාරන්‍යා සහ වාදීශ හමුවූයේ මුහුදු වෙරළ අසලය. ඔවුන් රාත්‍රී අහස යට තුරුලුවී ප්‍රේමණීයව ගත කලහ.
"ශාරු.. අපි දවස ගානේ හරි එහෙමත් නැත්නම් දවස් දෙකකට සැරයක් හරි අනිවාර්‍යෙන්ම හම්බවුනා. ඒත් ඔයාට ශූටින් පටන් ගත්තම මම කොහොමද ඔයාව දකින්නෙ නැතුව සති දෙකතුනක් ඉන්නේ"
"මොනවා කරන්න හලෝ. අපි අපේ ජීවිතේ සමහර දේවල් ඇචීව් කරගන්න නම් කැප කිරීම් කරන්නම වෙනවනේ සුදුවෝ"
එවිට වාදීශ ශාරන්‍යාව තවත් ඔහුගේ තුරුළට ගනිමින් ඇයගේ නළලට හාදුවක් ලබාදී
"මට පුලුවන් හැමදාම මාත් ඔයාව බලන්න එන්නම් මැණික. මම ආසයි ඔයා දවසක දැන් ඉන්නවාටත් වඩා රටේ ජනප්‍රිය වෙලා, රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම ජනප්‍රිය වෙලා අන්න අර අහසෙ තියෙන තරුවකට වගේ හැමෝගෙම ආදරේ ලැබෙනවට"
"මට නම් ඔයාගෙ ආදරේ විතරක් ලැබුණනම් ඒ හොදටෝ.....ම ඇති. අනික දන්නවද තරුවක් ළඟට වෙලා ඉන්නඑක ලේසි නෑ. මොකද පිච්චෙන්න පුලුවන්"
"පිච්චි පිච්චි හරි කමක් නෑ මට ඉන්න ඕනි හැමදාම මෙන්න මේ වගේ ඔයා ළඟටම වෙලා. ඒ පිච්චෙන එකෙන්ම වෙන්නත් පුලුවන් මගේ නිවීම තියෙන්නේ"
"මට ඒ තරම්ම ආදරෙයිද හලෝ ඔයා"
"අනික ඔයා දන්නවද ශාරූ ඇත්තටම අපි මේ දකින සමහර තරු අපි දකින්නේ ඒවා පිපිරිලා ගිහින් අවුරුදු මිලියන ගානකට පස්සෙ වෙන්නත් පුලුවන්. මොකද මේ සමහර තරු තියෙන්නේ ආලෝක වර්ෂ සියදහස් ගුණයක් ඈත. ඉතින් ඒ වගේ තරුවක එළිය අපේ ඇස් වලට පේන්නෙ ආලෝක වර්ශ ගණනාවක් ගතවෙලා වෙන්න පුලුවන්"
ශාරන්‍යා වාදීශ අහස දෙස බලමින් ඔහු කතා කරන අයුරු දෙස ඔහුගේ පපු තුරුලේ හිස තබා ගුලිව හිඳිමින් ඔහුගේ මුහුණ දෙස ආසාවෙන් ඇය බලාගෙන සිටියේ ඔහුගේ සුසුම් වල මිහිරත් ලබමින් ය.
The flow connects naturally through the narrative style of Walkata, creating a smooth and engaging reading experience.
"ඒ වගේම ඇත්ත ජීවිතේත් අපි 'තරු' කියන අයගෙ ජීවිතත් ඒ වගේමනේ ශාරු. අපි දකින්නේ ඒ දුර ඉන්න ඒ අයගෙ අතීතය තමයි මේ අපේ වර්තමානයේදී. ඒ අයගේ අනාගතය දරාගෙන ඉන්න පුලුවන් වෙන්න ඕන ඒ අයගෙ අවට ඉන්න මිනිස්සුන්ට අනිවාර්‍යෙන්ම"
ලෙස වාදීශ පැවසුවේ ඔහුගේ කමිසයේ සාක්කුවෙන් ඉවතට ගත් සිගරට්ටුවක් දල්වාගණිමින් ය.
"ඔව් ඒක ඇත්ත. මාව දකින ගොඩක් අයට දැනටමත් මාව තරුවක් වගේ පේන්න පුලුවන්. ඒත් මගේ ඩ්‍රීම් එක මලයාලම්නෙ"
"අපි දෙන්නටම එකතුවෙලා අපේ හැම හීනෙකටම යන්න පුලුවන් වෙනවා කියලා මට හොඳටම විශ්වාසයි මැණික"
වාදීශ සිගරට්ටුවක් දල්වාගෙන මුව මත තබාගත් විට ශාරන්‍යාටත් සිගරට්ටුවක් අවශ්‍යය විය.
"මට දෙන්නකෝ හලෝ" යනුවෙන් පැවසූවිට ඔහු ඇයටත් සිගරට්ටුවක් දල්වා ලබාදුන්නේය.
ආලෝක වර්ෂයක් යනු තත්පරයකට කිලෝමීටර් ලක්ෂ තුනක වේගයෙන් යුතුව අවුරුද්දක් එහෙමත් නැතිනම් තත්පර ලක්ෂ තුන්සිය පහළොවක් පුරා එක් තත්පරයකට කිලෝමීටර් ලක්ෂ 3ක බැගින් ගමන් කළහොත් ආවරණය කරන්නට හැකි දුර ප්‍රමාණයකටයි. මේ තරම් විශාල පරිමාණවලින් සිතන්න කිලෝමීටර්, මීටර්, ගෑම්, සෙල්සියස් වලින් ගණු දෙන කරන මිනිසුන් වන අපට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. සූර්යයා හැරෙන කොට අපට ළඟින් ම තියෙන තාරකාව වන 'ප්‍රොක්සිමා සෙන්චූරි' පිහිටලා තියෙන්නේත් ආලෝක වර්ෂ හතර හමාරක් දුරින්. එබැවින් ආලෝක වර්ෂ සිය දහස් ගණන් ඈත තියෙන ඇතැම් තාරකා අපි දකින්නේ ඒවා පුපුරලා, විනාශ වෙලා ගියාට පසුවත් අවුරුදු මිලියන ගණනාවකට පස්සේ වෙන්න පුළුවන්. මොකද එවැනි තාරකාවල සිට තාරකාවේ දීප්තිය අපේ ඇස්වලට ළඟා වෙන්න ආලෝක වර්ෂ ගණනාවක් ගත වෙනවා. ඒ අතර අර දීප්තිමත් තාරකාව ක්ෂය වෙළා නිවිල ගිහිල්ලා තියෙන්න පුළුවන්. එදින මෙම කරුණු වාදීශ ඔවුන්ගේ ජීවිත වලට ඈඳාගත්තේ තරුගමනක යෙදී සිටින ශාරන්‍යා නිසාය.
* * *
නිවසට පැමිණි විගස ඇඳුම් මාරු කළේ ඉන් අනතුරුව විදර්ශා කෑම මේසය සූදානම් කිරීමටය. විදර්ශා ශාරන්‍යාටත් නිවසේ තිබූ ඇයගේ අලුත්ම රාත්‍රී නිඳන ඇඳුමක් ලබාදුන්නාය.
"අක්කේ. අපිට චිත්‍රපට සංස්ථාවෙන් මේ ෆිල්ම් එකේ තියෙන නියුඩ් සීන් නිසා අවසරය ගන්න පුලුවන් වෙයිද. බහුතරයක් මම නම් හිතන්නේ අකමැතිවෙයි කියලා"
"ඒක නං ඕකේ නංඟි. චෙයාමන් ප්‍රකාශ් සර්ගෙ යාලුවෙක්. ඒ නිසා ශේප් එකේ ගේම ගහන්න පුලුවන්"
"ආ ඒකත් එහෙමද"
"හම්"
නිවසට පැමිණි පසු කවීශ මවගේ දුරකතනය අතට ගෙන සාලයේ කවුරුත් නොමැති සෝෆා පුටුවට ගොස් යූටියුබ් සර්ච් බාර් එක මත ඔහු සර්ච් කලේ "ස්වයං වින්දනය" යන වචන දෙකයි. එයට හේතුව පාසලේදී ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් දිනපතා ස්වයංවින්දනයේ යෙදීම ශරීරයට අහිතකර දෙයක් යනුවෙන් පවසා තිබීමයි. ඔහු දිනපතා බොහෝවිට උදෑසන ස්වයංවින්දනයේ නිරතවන නිසා ඔහුට එහි ඇත්ත නැත්ත සොයාබලන්නට අවශ්‍යය වුනා. ඔහු එය සර්ච් කිරීමෙන් අනතුරුව තිරයේ දිස්වූ වීඩියෝ කිහිපය වූයේ ස්වයංවින්දනයේ හොඳ සහ නරක, තරුණියක් දෙස බලා ස්වයං වින්දය කළ ත්‍රීරෝදරත රියැදුරා, ගෑණු පිරිමි ස්වයංවින්දනයේ යෙදෙන්න ඕනෑමයි, දරුවා කාමරේ ස්වයං වින්දනයේ යෙදෙනවා දැක්ක අම්මා කෙනෙක් දරුවට හොඳට ගහලා - අම්මලා ඇසිය යුතුම කතාවක්, ස්වයංවින්දනය ඵලදායී ලෙස සිදුකරන්නේ කෙසේද? ස්වයං වින්දනය මානසික ආබාධයක්ද? යනුවෙන් වෛද්‍ය මියුරු සුභාෂණ සහ ස්වාමින්වහන්සේනමක් දමා තිබූ ස්වයං වින්දනය නවත්වාගන්නා අයුරු යන වීඩියෝ කීපයයි. මේ අතරින් ඔහු මුලින්ම තැතිගැන්මකින් නැරඹුවේ ස්වයං වින්දනය මානසික ආබාධයක්ද යන වීඩියෝවයි. ඉන් පසුව ස්වයං වින්දනයේ හොඳ සහ නරකත් ඉන් පසුව එය ඵලදායීව සිදුකරන ආකාරය පිළිබඳව ඇති වීඩියෝව ඔහු නරඹමින් සිටියේය.
Follow the continuation enriched with the modern atmosphere of New Wela Katha, giving this chapter a refreshing touch.