Ma Nodutu Sihina 12 continues the emotional journey through a touching Walakatha story, blending romance, fantasy, and deep Sinhala Wela Katha emotions.
ඇයට වට්සැප් පණිවුඩයක් එවා ඇති බවයි. එමෙන්ම විදර්ශාද කිශාන්ගේ දුරකතන අංකය ශාරන්‍යා හට එවා ඇති නමුත් ඉන් පැයකට පමණ පසු කිශාන්ම ඇයට පණිවිඩයක් එවා තිබිණි.
"Hi Sharanya
Mata Miss kiuwa oyata message karanna kiyala api meet wuna dawasema.
I am really really sorry. Mama godak busy una me daws tikema. Miss ta mama call karapu welawaka oyage no eka mama illagatta"
විදර්ශා දුරකතන අංකය ලබාදුන් නමුත් කිශාන්ම එය ඉල්ලාගත් බව කිව් නිසා ශාරන්‍යාගේ මුහුනේ සිනහවක් ඇතිකලා.
"Hi Kishan
Ah ok ayye.😊 Heta temple yanna enw ned?"
ඔවුන් සියලුදෙනාම පැමිණියේ මිරිහාන ප්‍රදේශයේ පිහිටා ඇති පන්සලකටය. එම පන්සල ඉතාමත්ම පෞරාණික පෙනුමක් ඇති අතර අතිශයින්ම නිදහස් නිස්කලංක සිත නිවන ස්ථානයකි. වසර 400ට පමණ ඉහතදී මෙහි වළගම්බා රජු සැඟව සිටි බව ජනප්‍රවාදයේ පැවත එන්නකි. එමෙන්ම අඩි 72ක පමණ බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් පන්සලේ ඉදිවෙමින් පවතී. පන්සලේ නැරඹීමට විහාර ගෙයක්ද ඒ සඳහා පැයක පමණ කාලයක් ගල් පඩිපෙලින් ඉහළට යාමට අවශ්‍යය බව විදර්ශා ඔවුන්ට කියා තිබුණි.
මෙම පන්සලේ පවතින නිහැඩියාව වෙහෙසකර ජීවිතයක් ගතකරන ඕනෑම අයෙකුගේ සිත නිවාලන්නට සමත් 108 වාරයක් ජිවන් කරන ලද මන්ත්‍රයක් වැනිය. පන්සලේ මහානායක හාමුදුරුවන්ගේ අදහස වූයේ දැඩි පීඩාකාරී ශබ්ධ් වාහිනී යන්ත්‍ර ගමටම ඇසෙන පරිදි දමා ගමේ සිටින මිනිසුන් පීඩාවට පත් කිරීම උචිත නොවන බවය. අද දින වන විට සෑම නිවෙසකම තාක්ෂණික පහසුකම් තිබෙන නිසාවෙන් ඔවුන්ට අවශ්‍යය ආකාරයට තම තමන්ගේ නිවෙස්වල බණ ඇසීමට, පිරිත් ඇසීමට හැකියාව ඇති බවයි. නිවෙස්වල විභාග සඳහා සූදානම්වන දුවා දරුවන්ට මෙන්ම සවස් කාලයේ උපකාරක පංති කරන ගුරුවරුන්ට, සිසුන්ට මෙන්ම බොහෝ පිරිසකට එලෙස පන්සලේ ශබ්දවාහිනී යන්ත්‍ර ගමටම ඇසෙන පරිධි ක්‍රියාකිරීමෙන් සිදුවබ බාධාව උන් වහන්සේ ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබුනේ නිවන අවබෝධ කරගන්නට පෙර මෙවැනි සාමාන්‍යය බුද්ධි ගෝචරයට ලක් විය යුතු කරුණුවත් අවබෝධ කරගතයුතු බව පෙන්වමිනි. සැබවින්ම සන්සුන් නිස්කලංක නිශ්ෂබ්ද පරිසරයක් යනු ගතට සිතට සැනසිලිදායක සියලුම සත්ත්වයන්ට හිතකර පරිසරයක් වන බව එහි පැමිණෙන ඕනෑම අයෙකුට වැටහෙන කාරනාවකි.
පන්සලට පැමිණ සියලු වතාවත්ල යෙදී අනතුරුව ඔවුන් පංසලේ විහාර ගෙය නැරඹීමට ගියහ. අනතුරුව නැවත විහාරගෙයි සිට පහළට බැසීමට තිබූ ගල් පඩි 773ම පසු කර නැවතත් ඔවුන් පැමිණියහ.
මේ අතරතුර චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා වන ප්‍රකාශ් එම විහාරගෙය නැරඹීමට නොගියේ ඔහු පෙරදින රූගතකිරීම් සිදුවන ස්ථාන නැරඹීමට ගොස් සුළු අනතුරකට පත්ව සිටි නිසාය. ඔහුගේ කකුලේ සුළු ආබාධයක් ඒ අවස්තාවේදී කැලෑවේ තිබූ වලකට හරස් අතට කකුල ගොස් පෙරලී තිබූ නිසා සිදුවී තිබුණු නමුත් ඔහුට ඒ අවථාවේදී එතරම් වේදනාවක් නොදැනුනත් පසුව ඒ වේදනාව වැඩිවන්නට විය. එ නිසා ඔහු පන්සලේ රැඳීසිටිමින් හාමුදුරුවන්ගෙන් යමක් විමසුවේය.
"ඇත්තටම හාමුදුරුවනේ අපට සිනමා නිර්මාණ වලදී විවිධ හැලහැප්පීම් සිදුවෙනවනේ. මට ඔබ වහන්සේගෙන් උපදෙසක් අවශ්‍යයි"
"කියන්නකෝ මහත්තයා බලන්න"
This episode belongs to the Aluth Katha series, bringing a unique Sinhala Wal Katha reading experience filled with passion and realism.
"මෙහෙමයි අපේ හාමුදුරුවනේ. මම මේක කියන එක හරි නැද්ද දන්නෙත් නෑ ඔබවහන්සේ සමඟ. මේකයි හාමුදුරුවනේ කාරණාව. අපි මේ නිර්මාණයේදී නි.රු.ව.ත් දර්ශන කීපයක් මේ නිර්මාණයට අවශ්‍යයම නිසා ඇතුලත් කරලා තියෙනවා හාමුදුරුවනේ. ඒත් මේ අපේ ප්‍රේක්ෂකයන් කලින් නිර්මාණ වලදී වගේම අපිව විවේචනය කරයිද කියලා අපට සැකයි හාමුදුරුවනේ. ඇත්තටම එහෙම නිර්මාණයකට මෙවැනි දර්ශන යොදාගන්න එක අපේ සංස්කෘතියට හානියක්ද හාමුදුරුවනේ?"
"ඔය ප්‍රශ්නයට මහත්තයෝ මම මෙහෙම උත්තරයක් දෙන්නම්කෝ"
"එහෙයි හාමුදුරුවනේ"
"එහෙම මිනිස්සු ඒ ගැන විවේචනය කරනවානම් මුලින්ම වහලා දාන්න ඕන මහත්තයෝ සීගිරි බිතුසිතුවම්. මුලින්ම ගිහින් ඒ දේවල් වහන්න ඕන.
මම හිතන්නේ මහත්තයා අහපු දේට පිළිතුර ලැබුණා"
"එහෙයි හාමුදුරුවනේ. එහෙම නම් බොහොම පින් අපේ හාමුදුරුවනේ මේ ගැන පැහැදිළි කලාට"
විහාර ගෙයි සිට පැමිණි පසු ශාරන්‍යා පන්සල් භූමියේ අවට පරිසරය විඳිමින් බෝගස යටට වී සිටින වෙලාවේ ඇය පිටුපසින් කිශාන් ඇයට නොදැනෙන සේ සෙමින් පැමිණ ඇයගේ සවන් පෙති අතර ලංව කොඳුරන්නට විය.
"මොනාද කල්පනා කරන්නේ"
"ආහ් කිශාන්"
යනුවෙන් ඇය තරමක් ඉඳිරියට වූයේ ඔහුගේ ඒ සමීපත්වය ඒ අසල සිටි පිරිස නිසා ඇයට අපහසුවක් ගෙනදුන් නිසාය.
"ආ මොනවත් නෑ. ඇත්තටම හිතට මාර සැහැල්ලුවක් ආවේ මේ පන්සලට ආවට පස්සේ. හරිම නිස්කලංක පරිසරයක් නේද"
"ඒකනම් ඇත්ත
ඉතින් ශූටින් තව දවස් පහකින් පටන් ගන්නව නේද. රෙඩිද ඉතින් වැඩේට?"
"ඔව් මම හිතනවා. ඉතින් කොහොමද මේ දවස් වල ශූටින් වැඩ එහෙම"
"ඔව් අර මන් කිව්ව ඒ අනිත් ෆිල්ම් එකේ වැඩෙත් තව මාසයක් වගේ යනවා. දැන් මේකත් පටන් ගත්තම තව බිසී වෙනවා"
"හ්ම් ඒක තමයි නේද. මම ඔයාට මැසෙන්ජර් වලින් මැසේජ් එකක් දැම්මා. ඔයා මැසෙන්ජර් අයින් කරලද තියෙන්නේ"
"ආ ඒ ගැන අහන්න වෙන්නෙ රුවන්ගෙන්. ඒ කියන්නේ මගේ මැනේජර්ගෙන්. මේ දවස් වල එයා කන්ට්‍රි එකේ නෑ. ඒකයි ඒ. මගේ ඉතින් ෆේස්බුක් එකවුන්ට්ස් වල එහෙම ඔක්කොම වැඩ එයා තමයි බලන්නෙ. හැමදේකින්ම නිදහස් වෙලා ඉන්නේ"
ශාරන්‍යා කිශාන් කතා කරන විට ඔහුගේ හැසිරීමට ඉතා කැමැත්තක් දැක්වූවාය. ඇය ඔහු දෙස ඉතා ආසාවෙන් බලාගෙන සිටියාය. ඔහුගේ අඩි හයක් පමණ උස, පළල් උරහිස් ඔහුගේ කඩවසම් බවට බොහෝසේ දායක වී තිබුණා.
"ඇත්තටම මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා කිශාන්. මොකද මහේ පළවෙනි ෆිල්ම් එකෙන් පස්සේ මැසෙන්ජර් එක ෆුල්. ඉතින් දවස් ගානක් යනකල් ඒවට රිප්ලයි කලා"
"ආ මේ අපේ ගෙදරත් ඉන්නවා ඔයාගෙ ෆැන්ස්ලා දෙන්නෙක්. මගේ...
Stay tuned for more captivating Sinhala stories on Sinhala Walkatha 2025 — the trusted home for Sinhala Wal Katha and Wela Katha Sinhala lovers.
ඊලග කොටස ආව ගමන් කියවන්න මෙතනින් අපේ Telegram Channel එකට Join වෙන්න: https://t.me/+PVvTyldrqFtkMGY1