Wal Katha 10 months ago
Wal Katha #wife-gf

සුරඟන සළු 1

අද සඳුදා..වැඩට ආවේ හරිම කම්මැලිකමෙන්. මගේ ඉස්සරහ ටේබල් එක හිස්. මෙච්චර කල් මගෙත් එක්ක එකට වැඩ කරපු මිස්ට ෆර්නෑන්ඩු ගිය සුමානේ පෙන්ෂන් ගියා. හැමතිස්සෙම විහිලු කතා කිය කිය, තාත්තා කෙනෙක් වගේ මට ගොඩක් ආදරෙන් හිටපු මිස්ට ෆර්නෑන්ඩු නැතුව ඔෆිස් එකම පාළු වෙලා වගේ. ඒ වෙනුවට අළුත් කෙනෙක් ගන්නව කියල තිබ්බත් මම වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ.

මේක පොඩි ප්‍රයිවෙට් ෆර්ම් එකක්.වැඩ කරන අය 12 විතර හිටියත් ඔෆිස් එකේ හිටියේ මායි, මිස්ටර් ෆර්නෑන්ඩුයි විතරයි. ඇනිත් අය ඔක්කොම ෆිල්ඩ් වර්කර්ස්ලා. මෙතන වැඩ හරිම ඒකාකාරී උනත් ගෙදර පාළුවේ ඉන්නවට වැඩිය මම මේ ජොබ් එකට කැමති උනා. 10 විතර බොස් ඔෆිස් එකට ආවේ තව බෝයි කෙනෙක් එක්ක.

“Good morning නෙතාරා..මේ වෙනුර, He will takeover Mr. Fernando’s work .. මේ මිසිස් නෙතාරා විජේවර්ධන..”

“හලෝ…” ලැජ්ජාවෙන් වගේ මට අතට අත දුන්නේ පොඩි කොල්ලෙක්. මූණ වටේට හීනි රැවුලක් වවල තිබ්බත් මූණේ ලපටි ගතිය ගිහිල්ලා තිබ්බේ නෑ

“මේ වෙනුරගේ ෆර්ස්ට් ජොබ් එක. වැඩ අල්ල ගන්නකම් ටිකක් හෙල්ප් කරන්න වෙයි..” බොස් ඒ ටික කිව්වේ මට.

බොස් ගියාට පස්සේ මම කම්පැනි එකේ විස්තර තියෙන ෆයිල්ස් ටිකක් දීලා ඒවා බලන්න කියලා මගේ වැඩ කලා..මිනිහා සද්දයක් නැතුවම ඒවා බලනවා..වැඩ ඉවර උනාට පස්සේ මට හිතුනා ටිකක් කතා කරන්න.

“වෙනුර කොහේ ඉඳලද එන්නේ ?”

මිනිහා ගැස්සිලා මගේ දිහා බැලුවා.. “මේ..මේ…කඩවත ඉඳලා” මිනිහා ගොත ගැහුවා

මට හිනා..”මම හිතුවේ ගෙදර තියෙන තැනත් අමතක වෙලා කියලා…බස් එකේද එන්නේ ?..

“ඔව්..” මිනිහටත් හිනා.. වෙනුරගේ එඩියුකේෂනල් බැක්ග්‍රවුන්ඩ් එක ගැනත් මම ඇහුවා

“මිසිස් විජේවර්ධන කොහෙද ඉන්නේ..?” ටික වෙලාවකට පස්සේ වෙනුර ඇහුවා..

“මට නෙතාරා කියන්න..මම ඉන්නේ දෙහිවල” ඊට පස්සේ මම වෙනුරට කරන්න ඕනෙ වැඩ ගැන ටිකක් විස්තර කලා.

පර්සනල් දෙවල් කතා කරන්න ගියේ නෑ..ඕනවට වැඩිය කිට්ටු කරගන්න හොඳ නෑ. පස්සේ කරේ නගින්න එයි.

ටික දවසක් යද්දි වෙනුර වැඩ ටික අල්ල ගත්තා. මගෙත් එක්ක හිතවත් උනත් කතා කරේ හරිම ටිකයි, අවශ්‍යම දේකට විතරයි. මිස්ටර් ෆර්නෑන්ඩු ඉන්න කාලේ වගෙ නෙවෙයි දැන් හරිම බෝරින්. වෙනුර කතා නොකරන නිසා මටත් එල්ලි එල්ලි කතාවට යන්න ඕනේ කමක් තිබ්බේ නෑ. දවසක් උදේ මම ඔෆිස් එනකොට වෙනුර තව ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර හිටියා..මාව දැකල දෙන්නම ඉස්සරහට ආවා..

“Good morning……මේ කාවින්දි..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්…මේ මිසිස් නෙතාරා..” වෙනුර අඳුන්වලා දුන්නා..

“Hallo.. .Nice to meet you…” ලස්සන පොඩි කෙල්ලෙක්..

මම වචන දෙක තුනක් කතා කරලා ඇතුලට ආවා..ටික වෙලාවකට පස්සේ වෙනුරත් ඇතුලට ආවා.

“වෙනුරගේ ගර්ල් හරි ලස්සනයි නේ..දෙන්න හොඳට මැච් වෙනවා” ..මම කිව්වා.

මිනිහා ලැජ්ජාවෙන් හිනා උනා..

“එයා මොකද කරන්නේ..වර්ක් කරනවද ?”

“නෑ තාම ස්ටඩීස් කරනවා…එයා අද අද ආවේ නෙතාරව බලන්නමයි…” වෙනුර ටික වෙලාවකට පස්සේ කිව්වා..

“මාව ..ඒ මොකටද..?”

“නෑ..මම කිව්වම ඔෆිස් එකේ ඉන්නේ තව ලේඩි කෙනෙක් විතරයි කියලා..එයා ටිකක් බය උනාද කොහෙද..ඉතින් ඔයාවබලන්න ඕනේ කිව්වා..” වෙනුර හිනා වෙවී කිව්වා

මටත් හිනා ගියා…”මොකද එයා බය වෙලාද මම ඔයාව කයි කියලා..”

“අනේ මන්ඳා..එයා කොහොමටත් ටිකක් කලබල වෙනවා..”

“පව් අනේ…ඒයා තාම පොඩියිනේ..එයාට බය ඇති……ඉතින් මාව දැකල මොනවද කිව්වේ..ආයේ ජොබ් එකට එන්න එපා කිව්වද ?” මම විහිළු කලා..

“ඔයා හරි ලස්සනයි කිව්වා..” මාව රතු උනා..ඒ වචන වලට නෙවෙයි…වෙනුර ඒක කියපු විදිහටයි..බලපු බැල්මටයි. මම බිම බලා ගත්තා.. “ඔයා හරි හොඳයි වගේ කියලත් කිව්වා…..” වෙනුර දිගටම කියාගෙන ගියා..

එදා වැඩිය වැඩක් තිබ්බ නැති නිසා කතාව ඇදිලා ගියා..මෙච්චර දවසක් බුම්මගෙන හිටපු වෙනුරත් නිදහසේ කතා කලා. “නෙතාරගේ හස්බන්ඩ් මොකද කරන්නේ ..?”

“වජිර ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්..වැඩි හරියක් එයා ගෙදර නෑ. ….මට ගෙදර කම්මැලිකමේ ඉන්න බැරි නිසයි මේ ජොබ් එක හොයා ගත්තේ..”

දවස් කීපයක් යනකොට වෙනුරයි මායි සෑහෙන හිතවත් උනා. වෙනුර එයාගේ ගෙදර විස්තරයි, කාවින්දිගේ විස්තරයි මගෙත් එක්ක කතා කලා වෙනුරගෙයි මගෙයි ටේබල්ස් තියෙන්නේ මූණට මූණ දාලා. මම රූම් එකෙන් එලියට යන්නේ වෙනුරගෙ ටේබල් එක ලඟින්. දවසක් මම වොෂ් රූම් එකට යනකොට වෙනුර එක පාරටම කලබල වෙලා කම්පියුටර් එකේ ඔපන් වෙලා තිබ්බ මොනවද වහනවා මගේ ඇස් කොනින් පෙනුනා. මීට කලිනුත් කීප සැරයක් එහෙම වෙලා තියෙන නිසා මගේ හිතට පොඩි කුතුහලයක් ආවා..

“ෂුවර් එකටම මොනව හරි ජරාවක් බලනවා ඇති..වෙලාවක අතටම අල්ලගෙන හොඳට මඩවන්න ඕනේ…” මම හිතුවා..ඊට පස්සේ මම කීප සැරයක් වෙනුරගේ ටේබල් එක ලඟින් එහාට මෙහාට ගියාට මුකුත් වෙනසක් දැක්කේ නෑ. පහුවෙනිදා වැඩ කර කර ඉන්න ගමන් වෙනුරට කෝල් එකක් ආවා. වෙනුර ෆෝන් එකත් කනේ ගහගෙනම එලියට ගියා. මට හිතුනා ගිහිල්ලා එයගේ කම්පියුටර් එක චෙක් කරන්න. වැරදි වැඩක් උනත් විහිලුවට නිසා මම එච්චර හිතුවේ නෑ. ස්ක්‍රීන් එකේ මිනිමයිස් කරපු වෙබ් පේජ(ර්)ස් ගොඩක් තිබ්බා. මම එකක් ඔපන් කරලා බැලුවා. මම හිතපු විදිහේ එකක් නෙවෙයි. ඒක ලේඩීස් අන්ඩර්වෙයාර්ස් වල පින්තූර තියෙන එකක්. මම තව එකක් ඔපන් කලා. ඒකත් එහෙමයි එක එක විදිහේ සෙක්සි අන්ඩර්වෙයාර්ස් වල ෆොටෝස්. වෙනුර පඩිපෙල දිගේ උඩට එන සද්දේ ඇහුනා. ඉක්මනට පේජ(ර්)ස් ටික තිබ්බ විදිහටම මිනිමයිස් කරලා මම මගේ සීට් එකට දිව්වා. වෙනුර ඇවිල්ලා වැඩ කරගෙන ගියා. මමත් කිසි දෙයක් නොදන්න ගානට හිටියා.

හවස්වරුවේ වැඩි වැඩක් තිබ්බේ නෑ.. මම තේ එකකුත් හදාගෙන සිංදු අහන්න ගත්තා..වෙනුර කම්පියුටර් එකට එබීගෙන මොනවද හොයනවා.. “මොනවද වෙනුර ඔය දාගෙන හොයන්නේ…”

“මේ……මම මේ මැච් එකේ ස්කෝ(ර්) එක බැලුවා..”

“අහා…මම හිතුව වෙන මොනව හරි කියල ඔච්චර උනන්දුවෙන් බලනකොට..” මම පල් එකට වගේ කිව්වා.. මිනිහට ඒක එච්චර ගානක් උනේ නෑ..මගේ මූණ් දිහා බලලා හිනා වෙලා ආයෙත් කම්පියුටර් එකට එබුනා.. ටික වෙලාවක් සද්ද නැතුව ගෙවිලා ගියා..

මගේ කට පොපියන්න ගත්තා වෙනුරට මොනව හරි කියන්න “මේ..වෙනුර..ඔයා ඔය එක එක ඒවා හොයනකොට හොඳ ලේඩීස් අන්ඩර්වෙයාර්ස් එහෙම දැක්කොත් මටත් කියන්න.. ප්ලීස්..” මම හිනාව තද කරගෙන සීරියස් විදිහට කිව්වා..

කොල්ලා ගැස්සිලා මගේ දිහා බැලුවා..” ඒ..ඒ…..ඔයා දැක්ක…..මට තේරුනේ නෑ…” මිනිහට වචන පැටළුනා..

“නෑ මම කිව්වේ ඔයා දැක්කොත් මටත් කියන්න කියලා…..” මම බොහෝම අහිංසක විදිහට කිව්වා.. වෙනුරගේ මූණ රතුවෙලා…දාඩියත් දාලා..මගේ කටින් හිනාව එලියට පැන්නා….”මම දැක්කා ඔයා බලන ඒවා…ඉන්නවා මම කාවින්දිට කියන්න….උපාසකය වගේ ඉඳගෙන කරන වැඩ නේ…….” වෙනුර කරකියා ගන්න දෙයක් නැතුව උඩ බිම බැලුවා. බිම බලාගෙන හිටිය මිසක් කිසි දෙයක් කිව්වේ නෑ..මම තවත් එක එක දෙවල් කියලා පල් කලා.. ටික වෙලාවක් ගියත් වෙනුර ඔලුව ඉස්සුවේ නෑ. මට බය හිතුනා එයාට කේන්ති ගිහිල්ලා ඇති කියලා..

“මේ…වෙනුර…” උත්තරයක් නෑ.. මම නැගිටලා ලඟට ගියා….

“වෙනුර….ඔයාට කේන්ති ගිහිල්ලද…අනේ සොරී…මම විහිලුවක් නේ කලේ….I’m sorry–” මම වෙනුරගේ උරහිසට අත තියලා කතා කලා…”මේ බලන්නකෝ..ප්ලීස්…ඔයා තරහද මගෙත් එක්ක….” වෙනුර යන්තමට ඔලුව උස්සලා බලලා හිනා උනා.. “තරහා නෑ නේ…” මම මූණ කිට්ටු කරලා ඇහුවා..

“මම හිතුවේ නෑ..ඔයා මගේ කම්පියුටර් එක බලයි කියලා……” වෙනුර කිව්වේ නෝක්කාඩුවට

“මම දැක්ක දවස් කීපයක් යන්තමට වගේ ඔයාගේ ස්ක්‍රීන් එක…ඉතින් මම හිතුවා ඔයාට විහිලුවක් කරන්න…ඔයා ඔච්චර සීරියස් ගනියි කියලා මම හිතුවේ නෑ.. …I’m sorry.. ok..

“ඉන්නකො මමත් ඕකට රිටර්න් එක දෙන්නම්..” වෙනුර ගෙරෙව්වා..

“බය වෙන්න එපා ..මම කාවින්දිට කියන්නේ නෑ..” මම විහිලු කලා.

“ආපෝ..එයාට නම් විහිලුවටවත් කියන්න එපා…දන්නවනේ එයාගේ හැටි…”

පහුවෙනිදා උදේ සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා.අපි දෙන්නම කලින් දවසේ වෙච්ච දේ ගැන කතා කලේ නෑ..හවස වෙනුර පුරුදු විදිහටම කම්පියුටර් එකට එබීගෙන හිටියා. මම වොෂ් රූම් එකට යන ගමන් “හා…හා….අදත් අරව බලනවා නේද..” කියාගෙන ගියා. ටික වෙලාවකට පස්සේ මම ආපහු එනකොටත් වෙනුර ඒ විදිහටමයි. මම ඇවිල්ලා පුටුවේ ඉඳගත්තා විතරයි මගේ ඇස් උඩ ගියා. මගේ කම්පියුටර් ඒකේ වෝල් පේපර් එක ගිහිල්ලා..ඒ වෙනුවට..නූලක් තරම් හීනි ස්ට්‍රින්ග් පෑන්ටි එකක් ඇඳ ගත්ත කෙල්ලෙක් ගේ පින්තූරෙකින් මගේ ස්ක්‍රීන් එක පිරිලා තිබ්බා. මගේ කන් රතු උනා…මම වෙනුර දිහා බැලුවා. මිනිහා එලියට පනින්න හදන හිනාව තද කරගන්න ට්‍රයි කරනවා..

“මෝඩයා…” මම ගිහිල්ලා වෙනුරගේ ඔලුවට පාරක් ගහලා දුවගෙන ආවා…මට කෙන්තියයි ලැජ්ජාවයි දෙකම වෙනුර බක බක ගාලා හිනා වෙනවා…මම වෝල්පේපර් එක මාරු කරගත්තා..

“ඔයා ඊයෙ කිව්වනේ හොඳ අන්ඩර්වෙයාර්ස් දැක්කොත් කියන්න කියල….කොහොමද ලස්සනයි ද ?”

“අනේ මේ යනව යන්න..මම තරහයි..” මම එරෙව්වා..

“හා එහෙම තරහ වෙන්න බෑ..විහිලුවට විහිලුව ඕකේ..” මම සද්ද නැතුව හිටිය…මොනව කියන්නද ඉතින්..

“ඒක ඇත්තටම ලස්සනයි නේද…?” වෙනුර ඇහුවා

“හ්ම්..හරිම ලස්සනයි…” මම ලැජ්ජව වහගන්න කිව්වා..

“ඔය සීරීස් ඒකෙ ඔක්කොම පික්චර්ස් මගේ ලඟ තියෙනවා…බලන්න ඕනෙද ?

“අනේ අනේ… ඔයා මේවා එකතු කරනවද ?”

“හ්ම්..ලස්සන එවා දැක්කොත් සේව් කර ගන්නවා..”

“ඔයාලටනම් මාර පිස්සුවක් තියෙන්නේ..ඉස්සර වජිරගෙ කම්පියුටර් එකෙත් ඔය වගේ එක එක ඒව ගොඩක් දාගෙන හිටියා..මැරි කලාට පස්සේ මම බැනලා ඔක්කොම ඩිලීට් කෙරෙව්වා..”

“කෙල්ලො බොරුවටනේ ආස නෑ කියන්නේ..ඒ උනාට හොරෙන් බලනවා..”

“අනේ යනව යන්න…අපිට ඔයාලට වගේ පිස්සුවක් නෑ..” මම රැව්වා..

“එන්න ලස්සන ෆොටෝස් ටිකක් පෙන්නන්න…” වෙනුර කතා කලා..

“මට බෑ ඔය ජරාව බලන්න..”

“ජරාව නෙවෙයි එන්නකො…..”

මම ගිහිල්ලා වෙනුරගේ කම්පියුටර් එකට එබුනා..මගේ වෝල් පේපර් එකට දාලා තිබ්බ ෆොටෝ සීරීස් එකෙම අනිත් ඒවා. ඒක් එක විදිහේ සෙක්සි ලින්ගරීස් ඇඳ ගත්ත මොඩල්ස්ලාගේ පින්තූර. ඒවා ඇත්තටම හරිම ලස්සනයි.

“ලස්සනයි නේ..”

“හ්ම්..හරිම ලස්සනයි…”

“මම ඔයාට මේ ලින්ක් එක දෙන්නම්..ඒ සයිට් එකෙ ගොඩක් ලස්සන ඇඳුම් තියෙනවා….”

“ඔයා මොකද මේ ගෑණුන්ගේ ඇඳුම් තියෙන සයිට් බලන්නේ..? කාවින්දිට ඇඳුම් හොයනවද ?” මම විහිලු කලා..

“එහෙම නෑ මම නිකම් බලනවා…”

“නිකම් වෙන්න බෑ..ඊයෙත් මම දැකපු ඔක්කොම ඔය වගේ ඒවා..” වෙනුර හිනාඋනා මිසක් මුකුත් කිව්වේ නෑ..

“ඔයා කාවින්දිට ඇරන් දෙන්නේ ඔය වගේ ඇඳුම් ද ?

“අපෝ එය කොහෙද මේවා අඳින්නේ..”වෙනුරගේ කටහඬේ තැවරිලා තිබ්බේ දුකක්.. මම පුටුවක් ඇදගේන් වෙනුරගේ මේසේ පැතකින් ඉඳගත්තා….

“ඇයි එහෙම කියන්නේ..”

“එයා මේව තියා ටිකක් කොටට අඳින්නවත් කැමති නෑ…”

“ඉතින් හොඳයි නේ…ගොඩක් කොල්ලො කැමති නෑනේ තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කොටට අඳිනවට.. ”

වෙනුර හිනා උනා…”මම එහෙම නෑ..මම කැමතියි එයා කොටට අඳිනවනම්”

“මේවගේ ඒවා අඳිනවටත්..?”මම ඇහුවේ අර පින්තූර පෙන්නලා…

“මම දන්නේ නෑ ඔයා මගේ ගැන මොන විදිහට හිතයි ද කියලා. මට මේ දෙවල් වලට ලොකු ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒක පොඩිකාලේ ඉඳලම තියෙන එකක්..”

“ඒ කියන්නේ ඔයා…..”

වෙනුර මට ප්‍රශ්නේ ඉවර කරන්න දුන්නේ නෑ “නෑ…නෑ..බය වෙන්න එපා මම රෙදි වැලවල් වලින් ඇඳුම් හොරකම් කරන ජාතියේ නෙවෙයි…”

“අනේ..නෑ වෙනුර මම එහෙම හිතුවේ නෑ..”

“ඔයා ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩින්ග් නිසයි මම මේවා ඔයාට කියන්නේ….”

“මම හිතන්නේ නෑ ඒක එච්චර අමුතු දෙයක් කියලා..මගේ හස්බන්ඩ් උනත් එහෙම තමයි…”

“ඒත් කාවින්දි ඔයා වගේ හිතන්නේ නෑ.දවසක් අපි ඇඳුම් ගන්න ගිය වෙලාවක මම ඒයාට ස්ට්‍රින්ග්ස් සෙට් එකක් අරන් දෙන්න හැදුවා..ඒයා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ..මම කිව්වා මම ආසයි එයා ඒ වගේ එකක් අඳිනවට කියලා..එයා කියනවා මට තියෙන්නේ මානසික ලෙඩක් ලු. ..”

“හි…හි…මදැයි….ගනන් ගන්න එපා ලමයෝ…එයා තාම පොඩියි නේ..අනික එයා ටිකක් ලැජ්ජා කෙනෙක් නේ..ඕවා පස්සේ හරි යයි..”

“අනේ මන්දා එයා මේ වගේ දෙවල් කතා කරනවටවත් කැමති නෑ..”

“කෙල්ලො එහෙම තම්යි අනේ……ඔයාල වගේ ඔය දේවල් කියව කියව ඉන්නේ නෑ…”

“එහෙනම් ඔයා කතා කරන්නේ…” වෙනුර මගේ ඇස් දෙකට එබුනා…. මාව රතු උනා..

“මමත් මැරි කරන්න කලින් එහෙම තමයි…” මම අමාරුවෙන් කියා ගත්තා….”යමු යමු…වෙලාව හරි…” මම නැගිට්ටා

“නෙතාරා…මේවා අපි දෙන්න අතරේ විතරයි….” වෙනුර කිව්වේ සීරියස්ලි…

“බය වෙන්න එපා ලමයෝ…ඉන්නකෝ මම තව ටිකක් කාවින්දි එක්ක යාලු වෙනකම්..මම එයාව හදල ගන්නම් කෝ…”

ඔෆිස් ඉවර වෙලා වෑන් එකෙ එන ගමනුත් මගේ හිතෙ තිබ්බේ හවස වෙච්ච දේ..රහසක් බෙදා ගත්ත නිසා වෙනුරට තිබ්බ හිතවත් කම බැඳීමකට හැරෙන්න පටන් අරගෙන.

“ඌයියා…..” මාව මේ ලොකෙට ආවේ අයන්තිගේ කෙන්ත්තිල්ලට. අයන්ති මගේ හොඳම යාළුවා. හොඳම නෙවෙයි….නරකම. අපි දෙන්නා ඉස්කොලෙ ගියෙත්, දැන් වැඩට යන්නෙත් එකට….

“අද ඉන්නේ වෙන ලෝකෙක…මොකද අද බොස් උඹට මොනව හරි කිචිකැවෙන දෙයක්වත් කිව්වද ?”

“ඒ උඹලගේ වල් බොස්..අපේ බොස් බෝදිසත්වයෙක් වගේ…ඒක නෙවෙයි….වෙන පොඩි සීන් එකක් උනා…” මම පින්තූර වල කතාව අයන්තිට කිව්වා..ඒත් වෙනුරත් එක්ක පස්සේ වෙච්ච කතාව ගැන මුකුත් කිව්වේ නෑ…හංගන්න හිතගෙන නෙවෙයි…අයන්තිගේ කටට බ්‍රේක් නැති නිසා…

“උඹත් හිමිජ්ජි වගේ හිටියට කරන වැඩ…..” අයන්ති හිනා උනා..”හොඳයි හොඳයි..වජිරයත් නැතුව වේලි වේලි ඉන්න එකෙ ඔහොම එකක්වත් සෙට් කර ගනින්….” ”

අනේ…මේ මට එහෙම සෙට් කර ගන්න ඕනේ නෑ…අනික ඌ තාම පොඩි එකෙක්…”

“පොඩි එවුන් තම්යි හොඳ…..” අයන්ති ආයෙත් මගේ කකුල කෙනිත්තුවා….

” ඒ උඹට…..මට එහෙම කැසිල්ලක් නෑ……”

0
15.2K
සන්ද්‍යා ඇන්ටිගේ සැප

සන්ද්‍යා ඇන්ටිගේ සැප

1685036455.png
Wal Katha
3 months ago
අබ යහළුවෝ 9 - Aba Yahaluwo 9

අබ යහළුවෝ 9 - Aba Yahaluwo 9

1685036455.png
Wal Katha
10 months ago
එහා ගෙදර අක්ක ගැන - Eha Gedara Akka Gana

එහා ගෙදර අක්ක ගැන - Eha Gedara Akka Gana

1685036455.png
Wal Katha
3 months ago
චින්ත නංගි Wal Katha Sinhala

චින්ත නංගි Wal Katha Sinhala

1685036455.png
Wal Katha
2 weeks ago
කෙල්ල නැති අතරේ

කෙල්ල නැති අතරේ

1685036455.png
Wal Katha
10 months ago